කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, ඉදිරි කාලය තුළ සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
මීට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වල ද ස්ථාන ස්වල්පයක සුළු වැසි ඇති වීමේ හැකියාවක් පවතින අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේම, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළං තත්ත්වයේ ද තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැක.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් හමන තරමක් තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

