ප්‍රංශය සමග සටනෙන් ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට

0
11

ඇමෙරිකාවේ ‘SoFi Stadium’ ක්‍රීඩාංගණයේදී අද (11) අලුයම පැවැති තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයෙන් බෙල්ජියම පරදා ගෝල 2-1ක විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උණුසුම උපරිමයටම ළඟා කරමින් පැවැති මෙම තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකෙන්ම කරට කර සටනක් දැකගත හැකි වූ අතර, පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. කෙසේ වෙතත්, දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ දැඩි ආරක්ෂණ සහ ප්‍රහාරාත්මක උපක්‍රම මධ්‍යයේ තරගයේ 88 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය වාර්තා කළ තීරණාත්මක ගෝලයත් සමඟ බෙල්ජියමට මෙවර ලෝක කුසලාන සිහිනය අතහැර තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.

2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලියේදී අවසන් වරට ලෝක ශූරතාව දිනාගත් ස්පාඤ්ඤය, වසර 16කට පසු යළිත් එම කිරුළ තමන් සතු කරගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් මෙවර ඉදිරියටම පැමිණෙමින් සිටී. අනෙක් අතට, 1930 වසරේ සිට වසර 96ක ලෝක කුසලාන ඉතිහාසයක් ඇති බෙල්ජියමට මෙවරත් හිස් අතින්ම හැරී යාමට සිදුවූ අතර, ඔවුන් ඉතිහාසයේ ලැබූ ඉහළම දක්ෂතාව වන්නේ 2018 වසරේදී තෙවැනි ස්ථානය දිනාගැනීම පමණි. මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සමත් වූ අතර, එහිදී ඔවුන් ප්‍රබල ප්‍රංශයට එරෙහිව තරග වැදීමට නියමිතය. ප්‍රේක්ෂකයින් 80,000කට අසුන්ගත හැකි ඇමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සුවිශේෂී තරගය මෙරට වේලාවෙන් ජූලි 15 වැනිදා අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here