අදත් දිවයිනට වැසි

0
11

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගවත් තද සුළං හැමීමේ ප්‍රවණතාවක් පවතින බව කාලගුණ අංශ නිවේදනය කරයි.

එබැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here