ඩොලරයේ විකුණුම් මිල වැඩි වෙයි.

0
11

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, අද (09) දින නිකුත් වූ අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.8686ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 331.3476ක් ලෙසය.

ඊයේ (08) දින පැවති දත්ත සමඟ සැසඳීමේදී රුපියල මෙලෙස පහත වැටී ඇති අතර, ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් සහ ගැනුම් මිල රුපියල් 330.2889ක් ලෙස සටහන් වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here