හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.
ඔහුට මෙම චෝදනාව එල්ල වී ඇත්තේ 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ය. එහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට (BOI) අදාළ කටයුත්තක් ඉටු කර දීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
අල්ලස් පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන මෙම නඩුව, චෝදනා පත්‍ර දෙකක් යටතේ ගොනු කර ඇති බව වාර්තා වේ.

