කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සමඟ පාකිස්ථානයේ ලියාපදිංචි බෝයිං (Boeing 737) වර්ගයේ K2 Airways සමාගම මගින් ක්‍රියාත්මක කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී තිබේ.
ඒ එය කරච්චි බලා පියාසර කරමින් සිටියදීය.
පාකිස්ථාන ගුවන් සේවා බලධාරීන් පවසන්නේ නාවික පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව, ඊයේ (07) රාත්‍රියේ ගුවන් ගමන් පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාව ගිලිහී ගොස් ඇති බවයි.
අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා විවිධ ආයතන හරහා මුහුදේ ඒකාබද්ධ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පාකිස්ථාන ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කරයි.
යානය සෙවීම සඳහා පාකිස්ථාන සිවිල් ගුවන් සේවා බලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන බව K2 Airways සමාගම සඳහන් කරයි.

