ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවා ගොස් තිබේ.
එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ ජූලි මාසයේ ගෙවීගිය කාලය තුළ පමණක් රෝගීන් 7,038 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බවයි.
මෙම සමස්ත රෝගීන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 52.40කි.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 12,663කි.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,582ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,191ක් ලෙස බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්කවලින්ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

