අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසයි

0
18

මීගමුව බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී සිදුවීමෙන් තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අදාළ නිලධාරීන්ට ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් පිළිබඳව අමාත්‍යවරයා එහි විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ රැඳවියන් 54 දෙනෙකුද මේ වන විට රෝහල් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here