ඩෙංගු මරණ ගණන ඉහළට. ගතවූ පැය 24ට රෝගීන් 2604ක්.

0
15

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 20.43%කි.

වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර ඇත.

එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බව ද සඳහන්.

එසේම ජූලි මාසයේ පළමු දින තුන තුළ පමණක් රෝගීන් 3,422ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දත්ත පෙන්වා දී ඇත.

ගතවූ මාස 7ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 21,547කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here