අද (03) දිනයේ දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
මීට අමතරව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද යම් දුරකට වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි තත්ත්වයට අමතරව, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ සැලකිය යුතු මට්ටමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැක. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය විටින් විට වැඩි විය හැකියි.
එමෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

