ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ ශූරයින් දිවයිනට

0
11

තායිලන්තයේ පතායා නුවර පැවති දෙවන ‘මිස්ටර් යුනිවර්ස්’ (Mr. Universe) කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ලෝක කායවර්ධන සම්මේලනය විසින් ජූනි 27 සහ 28 යන දෙදින පුරා සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 47කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 327 දෙනෙකු සහභාගී වී සිටියහ.

එහිදී අතිශය දක්ෂතා දැක්වූ ලාංකික ක්‍රීඩකයින් රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 03ක් සහ ‘ප්‍රෝ කාඩ්’ (Pro Cards) පත් 02ක් මෙරටට දිනා දීමට සමත් විය. මෙහිදී වෘත්තීයමය මට්ටමේ ජාත්‍යන්තර තරග සඳහා සුදුසුකම් ලැබිය හැකි සුවිශේෂී ‘ප්‍රෝ කාඩ්පත්’ දිනා ගැනීමට අනෝජ් ඇලෝසියස් සහ ඩබ්ලිව්.ආර්. කාවින්ද යන ක්‍රීඩකයෝ සමත් වූහ.

මීට අමතරව, ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතා වෙත ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනයේ ගෞරවනීය ‘රන් සාමාජිකත්වය’ (Gold Membership) පිරිනැමීම ද මෙරටට ලැබුණු තවත් සුවිශේෂී ඇගයීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here