ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා හා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 (50-60 km/h) දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතී:
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා හා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා
හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ තීරයන්ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.
මෙනිසා මුහුදු යාමේදී මේ පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන නිල නිවේදන පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

