අමෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
ඒ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙනි.
පසුගිය බ්‍රහස්පතින්දා (25) සිංගප්පූරු ධජය සහිත ‘Ever Lovely’ නැමැති වෙළෙඳ නෞකාවට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මීට ප්‍රතිචාර ලෙස අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඊයේ (27) දිනයේදී ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩා මෙන්ම වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කර ඇත.
අදාළ නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කිරීම නිසා ප්‍රහාරය එල්ල කළ බව ඉරානය පවසයි.
අමෙරිකානු ප්‍රහාරයෙන් පසු, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ සිටින අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

