ලෝක ප්‍රකට වට්ස්ඇප් (WhatsApp) සේවාවේ ප්‍රධානියා ලෙස ඉන්දීය ව්‍යවසායක කුනාල් ෂා පත් වෙයි!

0
6

ලොව පුරා බිලියන තුනකට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් භාවිතා කරන ප්‍රමුඛතම ඩිජිටල් සන්නිවේදන වේදිකාවක් වන වට්ස්ඇප් (WhatsApp) හි නායකත්වය සඳහා ඉන්දීය ජාතික ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන කුනාල් ෂා (Kunal Shah) පත් කර තිබේ. මෙම පත්වීමත් සමඟ ඔහු ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉහළම අවධානයට ලක්ව ඇත.

මීට පෙර ඉන්දියාවේ නවක ව්‍යාපාර (Startup) සහ ආයෝජන ක්ෂේත්‍රය තුළ පමණක් ප්‍රසිද්ධව සිටි ෂා, තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI), ධන උත්පාදනය මෙන්ම මානව හැසිරීම් පිළිබඳව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා සිටි අයෙකි.

මෙම පත්වීමට පසුබිම වට්ස්ඇප් හි මව් සමාගම වන මෙටා (Meta) සමාගම විසින්, කුනාල් ෂා සතු ‘Cred’ නමැති මූල්‍ය තාක්ෂණික (Fintech) සමාගමෙහි ඇමරිකානු ඩොලර් මිලියන 900ක ආයෝජනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම පත්වීම සිදුව ඇත. වට්ස්ඇප් ආයතනය මේ වන විට සිය සාමාන්‍ය පණිවිඩ හුවමාරු සේවාවෙන් ඔබ්බට ගොස්, ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද (Digital Payments), ව්‍යාපාරික විසඳුම් සහ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ නිෂ්පාදන කරා ව්‍යාප්ත වීමට සූදානම් වන වටපිටාවක මෙම වෙනස සිදුවීම විශේෂත්වයකි.

සුවිශේෂී සන්ධිස්ථානයක් මීට පෙරද ඉන්දීය සම්භවයක් සහිත විධායක නිලධාරීන් රැසක් ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල ඉහළ තනතුරු හොබවා තිබුණද, කුනාල් ෂාගේ නැගී සිටීම ඊට වඩා වෙනස් වේ. ඔහු සිය සමස්ත වෘත්තීය ජීවිතයම ඉන්දියාවේ දේශීය ව්‍යාපාරික වටපිටාව (Startup Ecosystem) තුළම ගොඩනඟා ගනිමින්, මෙවැනි ගෝලීය මට්ටමේ දැවැන්ත සමාගමක නායකත්වයට පත්වීම කැපී පෙනෙන සිදුවීමකි.

කුනාල් ෂා මුලින්ම කරළියට පැමිණියේ 2010 වසරේදී ඉන්දීය අන්තර්ජාල ආර්ථිකයේ මුල් අවධියේදී ‘FreeCharge’ නමැති ජංගම දුරකථන රීචාර්ජ් කිරීමේ වේදිකාව ආරම්භ කරමිනි. පසුව 2015 වසරේදී එය ‘Snapdeal’ ඊ-වාණිජ්‍ය සමාගම විසින් අත්පත් කරගත් අතර, එය එකල ඉන්දියාවේ සිදුවූ විශාලතම සමාගම් මිලදී ගැනීම්වලින් එකක් ලෙස වාර්තා විය.

ඔහුගේ මෙම නව පත්වීම කුනාල් ෂාගේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම, ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සතු බලපෑම තවදුරටත් තහවුරු කෙරෙන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here