විපක්ෂයේ විරෝධතවයකින් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි

0
10

ස්ථාවර නියෝග 19(1) වගන්තිය යටතේ ‘වර්තමානයේ යුක්තිය පසිඳලීමේ පවතින ප්‍රමාදය සහ ඒ බැඳුනු හදිසි කරණා” පිළිබඳව විපක්ෂය විසින් අද(23) පෙරවරුවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් භාර දී තිබේ.

මෙම යෝජනාව පර්තිමේන්තුවට ඉදිරිපත් කිරීම අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා විසින් සිදු කළ අතර එහිදී මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීයේය.

ඒ අනුව කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවයි.

ඊට විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධතාවය නිසා පාර්ලිමේන්තුව කල් තබනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here