අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

0
5

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට බොහෝ සෙයින් අගය කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවස්ථාවක් සැපයීම ඇතුළුව මෙම සටන් විරාමය ගැටුම් අවම කිරීම සහ දිගුකාලීන කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය සඳහා අනුගමනය කළ සැලකිය යුතු පියවරක් වන බවය.

රාජ්‍යතාන්ත්‍රිකභාවය තුළින් ආරවුල් සාමකාමීව විසඳීමට මෙරට උනන්දුවෙන් යුතුව සහාය දක්වන බවත් මෙම පියවර කලාපය පුරා තිරසාර සාමයක් ඇති කරනු ඇතැයි අපේකෂා කරන බවත් අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම ගිවිසුමේ මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කළ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයට සහ කටාර් රාජ්‍යයට ඔවුන් ඉටුකළ වැදගත් භූමිකාවන් සහ මෙම සාර්තක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිඵලයට ළඟා වීමට සහාය වූ සියලුම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකාව සිය අවංක කෘතඥතාව පළ කරන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here