පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් වහාම හඳුනාගෙන, විනිවිදභාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් අද (16) පස්වරුවේ කොළඹදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
“සමාජ සාධාරණ පක්ෂය” විසින් සංවිධානය කරනු ලබන මෙම විරෝධතාවය සඳහා අනෙකුත් බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් රැසක්ද එක්වීමට නියමිතය.
මෙම සාමකාමී උද්ඝෝෂණය අද (ජූනි 16 වනදා) පස්වරු 2.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ වීමට නියමිතව ඇත.
සංවිධායකයින් අවධාරණය කරන්නේ, පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් මුස්ලිම් ප්‍රජාවගේ පූර්ණ සහයෝගයද මෙම සාධාරණත්වය ඉල්ලා සිටින උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා හිමිව ඇති බවයි. පක්ෂ පාට භේදයකින් තොරව යුක්තිය අගයන සියලු ජනතාවට මේ සඳහා එක්වන ලෙස ඔවුන් විවෘත ආරාධනයක් කර සිටියි.

