බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා අනතුරකින්

0
1

බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් අමෙරිකානු ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී සහ තවත් ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු ඇතුළුව 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් මෙම හෙලිකොප්ටර් යානා දෙක ගැටී ඇති බවයි.

එම යානයේ සිටි 6 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සඳහන් වේ.

ඔලිවර් ට්‍රී ප්‍රසංගයක් සඳහා බ්‍රසීලයට පැමිණ තිබූ අතර ඔහු එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණි.

ඔලිවර් ට්‍රී ට අමතරව බ්‍රසීලයේ යූටියුබ් තරුවක් වන ගැස්පාර් ප්‍රිම් ඩයස්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ලූකස් විග්නේල්, බ්‍රසීල සංගීත ශිල්පියෙකු වන ලූකස් බ්‍රිටෝ චාවේස් මෙන්ම හෙලිකොප්ටර් යානා දෙකේ නියමුවන් දෙදෙනාද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

එක් හෙලිකොප්ටර් යානයක් තුළ ගුවන් මගීන් පස් දෙනෙකු සිට ඇති අතර අනෙක් ගුවන් යානයේ නියමුවා පමණක් ගමන් කර ඇතැයිද සඳහන් වේ.

අනතුරින් පසු එක් හෙලිකොප්ටරයක් රියෝ ද ජැනයිරෝ හී මෝටර් රථ අලෙවිසැලකට කඩා වැටී ඇති අතර අනතුරින් වාහන 20ක් ද ගිනි ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here