යළි දැනුම්දෙන තුරු ඉරානයට යාමෙන් වළකින ලෙස ඉන්දියාවෙන් උපදෙස්

0
7

යළි දැනුම්දෙන තුරු ඉරානයට යාමෙන් වළකින ලෙසත් ඉරානය තුල දැනට පදිංචිව සිටින ඉන්දියානුවන්ට කඩිනමින් ඉන් පිටව යන ලෙසත් දන්වමින් ඉන්දියාව විසින් නව සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාල විසින් මෙම උපදේශනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඉරානයේ යුධ ගැටුම් වර්ධනයන් සැළකිල්ලට ගෙන ඉරානයට කිසිදු සංචාරයක් සඳහා යාමෙන් වළකින ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here