තීරණාත්මක චීන-උතුරු කොරියා නායක හමුව

0
9

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමු වී තිබේ.

ඒ අද (08) උතුරු කොරියාවේ Pyongyang හිදීය.

කොමියුනිස්ට් පක්ෂයක නායකත්වයෙන් යුත් සමාජවාදී රටවල් දෙකක් වශයෙන් චීනය හා උතුරු කොරියාව අතර ශක්තිමත් සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද , ද්විපාර්ශ්වික සම්බන්ධතා රැකගැනීම, කිම් ජොන් උන් මහතාගේ නායකත්වය යටතේ උතුරු කොරියාවෙහි ක්‍රියාත්මක කෙරෙන සමාජවාදී ක්‍රමයට සහාය වීම මෙන්ම දෙරටේ පොදු යහපත හා පොදු උපායමාර්ගික පරිසරය ආරක්ෂා කිරීම වෙනස් නොවන බව හෙතෙම අවධාරණය කළේය.

ඉදිරියේදී චීන-උතුරු කොරියානු සම්බන්ධතා වර්ධනය කිරීම වෙනුවෙන් චීන ජනාධිපතිවරයා සිව්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කර ඇත.

වසර 7කට පසු චීන ජනාධිපතිවරයා යළි උතුරු කොරියාවට පැමිණීම, විශේෂයෙන් මේ වසරේ පළමු විදේශ සංචාරය සඳහා චීන ජනාධිපතිවරයා උතුරු කොරියාව තෝරාගෙන තිබීම, සිය රටට විශාල ගෞරවයක් බව උතුරු කොරියානු නායකයා එහිදී කියා සිටියා. ඉකුත් සැප්තැම්බර් මාසයේ ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග බෙයිජිං හිදී පැවති හමුවෙන් පසු ද්විපාර්ශ්වික සම්බන්ධතා විවිධ ක්ෂේත්‍රයන්හි සක්‍රිය වෙමින් පවතින බැවින් දෙරටේ ජනතාවට සැබෑ ප්‍රතිලාභ හිමි වී ඇතැයි කිම් ‍ජොන් උන් මහතා පැවසුවා. චීන පාර්ශ්වය සමග එක්ව ෂී ජින්පිං ජනාධිපතිවරයා දෙරටේ සම්බන්ධතා වර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට උතුරු ‍කොරියාව බලාපොරොත්තු වනවා. නව යුගයේ උතුරු කොරියා- චීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම, උතුරු කොරියාවේ වෙනස් නොවන උපායමාර්ගික තෝරා ගැනීමක් බව ද උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here