මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් කඩා වැදීමෙන් ඊයේ(31) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ.
තවත් කුඩා දරුවෙකු ඇතුළු 7දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම කැබ් රථය අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වී ඇති අතර මීගොඩ මංසන්ධියේ පැවති දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට ධාවනය වී ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේදී අදාළ දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, 32, සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසු වන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇත.
මියගිය පිරිස අතර පාදුක්ක ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවලක් ද සිටින බව සඳහන්.
කැබ් රථයේ රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

