වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

0
20

චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ චෝදනාව මත වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා එක් එක් පුද්ගලයාගෙන් රුපියල් 300,000 ක අල්ලසක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

පොලිසියට අනුව, සැකකරු වේයන්ගොඩදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here