කෘතිම බුද්ධිය මිනිසා යටත් කරගන්නා කාලය වැඩි ඈතක නැහැ – ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේ අනතුරු අඟවයි.

0
37

ශීඝ්‍රයෙන් දියුණු වන කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය, නිසි පාලනයකින් තොරව පැවතුණහොත් එය ලෝකයම පාලනය කරන, මිනිසුන් කොන් කරන සහ විනාශය ළඟා කරන මෙවලමක් විය හැකි බවට ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේ අනතුරු අඟවයි.

ඒ අනුව කෘතිම බුද්ධිය වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස උන්වහන්සේ ලොව පුරා නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේ (25) ඊයේ වතිකානුවේදී පැවැති විශේෂ උත්සවයකදී උන්වහන්සේගේ ප්‍රථම ප්‍රධාන ප්‍රකාශනය හෙවත් “Magnifica Humanitas” (විශිෂ්ඨ මානව සංහතිය) නමැති විශ්ව ලේඛනය ඉදිරිපත් කරනු ලැබීය. බිලියන 1.4ක් වන ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ දැඩි අවධානයට ලක්වන මෙම නිල ඉගැන්වීම් ලේඛනය, කතෝලික සභාව විසින් වසර කිහිපයක් තිස්සේ AI තාක්ෂණය පිළිබඳව සිදු කරන ලද ගැඹුරු අධ්‍යයනයක ප්‍රතිඵලයකි.

එහිදී අදහස් දැක්වූ පාප් වහන්සේ, AI තාක්ෂණය වටිනා මෙවලමක් මෙන්ම බියකරු තර්ජනයක් ලෙසද හඳුන්වා දුන්හ. උන්වහන්සේ අවධාරණය කළේ තාක්ෂණය සැමවිටම භාවිත කළ යුත්තේ බලය හෝ ලාභය වෙනුවෙන් නොව, සමස්ත මිනිස් සංහතියේ සහ පොදු යහපත උදෙසා පමණක් බවයි.

“කෘතිම බුද්ධිය මිනිසා යටත් කරගන්නා, සමාජයෙන් කොන් කරන සහ මරණය උදෙසා මෙහෙයවන මෙවලමක් බවට පත්කිරීමේ න්‍යායන්ගෙන් එය මුදාගත යුතුයි. දැන් කෘතිම බුද්ධිය වහාම ‘නිරායුධ’ කිරීමට කාලය එළඹ තිබෙනවා.” යැයි පැවසූහ.

විශේෂයෙන්ම යුධ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීම පිළිබඳව පාප් වහන්සේ දැඩි විවේචනයක් එල්ල කළා. AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය ආයුධ පද්ධති නිසා ලෝකයේ යුද්ධ ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, ජීවිත හා මරණය තීරණය කරන තීරණ කිසිවිටකත් AI පද්ධති වෙත පැවරිය නොයුතු බවත්, හමුදාමය කටයුතුවලදී දැඩි සදාචාරාත්මක සීමාවන් පැනවිය යුතු බවත් කියා සිටියා.

කෙසේ වෙතත්, උන්වහන්සේ පැහැදිලි කළේ “නිරායුධ කිරීම” යන්නෙන් අදහස් කරන්නේ තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම නොව, තාක්ෂණය විසින් මිනිස් සංහතිය යටත් කරගැනීම වැළැක්වීම බවයි.

එමෙන්ම, ලොව ප්‍රබල සමාගම් කිහිපයක් අතට පමණක් මෙම තාක්ෂණික බලය කේන්ද්‍රගත වීම පිළිබඳවද උන්වහන්සේ අනතුරු ඇඟවූහ. එමඟින් තොරතුරු විකෘති කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන්ට බලපෑම් කිරීමට සහ පෞද්ගලික වාසි තකා ආර්ථිකය හැසිරවීමට ඔවුන්ට හැකිවන බවයි පාප් වහන්සේ පවසන්නේ. මේ සඳහා ස්වාධීන අධීක්ෂණ ආයතන, ප්‍රබල නීතිමය රාමු සහ වගකිවයුතු දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here