හජ් වන්දනාකරුවන්ගේ සුභසාධන කටයුතු සොයා බැලීමට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ජෙද්දා නුවර යයි.

0
40

.2026 වසරේ හජ් මෙහෙයුම් කටයුතු සමීපව නිරීක්ෂණය කිරීම සහ ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ සුභසාධන කටයුතු සොයා බැලීම වෙනුවෙන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු මුනීර් මුලෆ්ෆර් මහතා ඇතුළුව ශ්‍රී ලංකා හජ් දූත මණ්ඩලය අද දින (23) සෞදි අරාබියේ ජෙද්දා නුවර පිහිටි කිං අබ්දුල්අසීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

​ගුවන් තොටුපළ වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස, ජෙද්දා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්. ටී. මොහොමඩ් ලෆාර් (Justice M T Mohamed Laffar) මහතා සහ කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.