එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය විවෘත ඉගෙනුම් ආයතනයේ පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සදහා ගිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් (23) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
එතුමිය සමග තවත් දෙදෙනෙකු එම දූත පිරිස ලෙස එක්වී සිටියහ .
මෙම සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් මහත්මිය , විදේශ ලේකම් ඉවෙට් කූපර් මහත්මිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් ජනරාල් ෂර්ලි අයෝර්කර් මහත්මිය මුණ ගැසී සාකච්ඡා කිරීම සිදු කළ අතර සසෙක්ස් විශ්ව විද්‍යාලයයේ 60 වන සංවත්සරයට ද සහභාගී වී තිබුණි .
(ටී. කේ. ජී. කපිල )

