දේශීය වෙළඳපොලේ අලෙවි කරන ආනයනික කිරිපිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇති බව කිරිපිටි ආනයනකරුවන් අද (20) තහවුරු කළහ.
නවතම මිල සංශෝධනයට අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ ගොස් තිබේ.
කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රුපියල් 125 කින් වැඩි කර ඇති බව වාර්තා වේ.

