ආනයනය කරනු ලබන වාහන වලට රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක්

0
4

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත  50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අධිභාරය අය කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක අධිභාරය බලනොපැවැත්වේ.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම 50% අධිභාරය පසුගිය අප්‍රේල් මස 01 වනදා සිට ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර කෙසේවෙතත් එය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here