චීනයේ පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කරමින් මල්ලවපොර ඉසව්වේ,50KG බර පන්තිය යටතේ තරග වැදුනු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ගුවන් කාන්තා නිපුනි වාසනා ධර්මදාස විසින් දිනා ගනී.
අවසන් මහා තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් එම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙය 2026 වර්ෂයේ 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් පලමු රන් පදක්කම වේ.

