“අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” කෘතිය ජනගත කිරීම පසුගිය 28 වනදා මහනුවර පුෂ්පදාන සමිති ශාලාවේදී සිදු කෙරිණි.
ආචාර්’ය රාවුෆ් සෙයින් විසින් දෙමළ බසින් රචිත ‘ඉලන්කෙයි මුස්ලිම්කලින් දේශීය පන්ගලිප්පු’ නම් කෘතිය රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ විසින් “අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදී. එම ග්‍රන්ථය ජනගත කිරීම බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමාගේ විශේෂ දේශනයක් සහ පරිවර්තක ආචාර්ය ධම්මික ජයසිංහ මැතිතුමා අදහස් දැක්විය. මෙම උත්සව අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ විය.
අන්තර් ආගමික සාම පදනම, මහනුවර YMMA, රත්නදීප පදනම සහ පහන මීඩියා, ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙය සංවිධානය කර තිබුණි.





