ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
2
A dark cloudy sky with a lightning bolt and a warning sign in the foreground - computer generated image

ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here