බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයක් ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භුමිකාවන් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදු කරන ලද ශාසන විරෝධී, සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා තරයේ හෙළා දකිමින් මෙම නිවේදනයක් නිකුත් කර ඇත.
ලාංකේය සමාජය තුළ භික්ෂුන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශුද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව මාහානාහිමිවරු අවධාරණය කරයි.

