තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) පැවැත්වේ.
මෙවර ප්‍රාන්ත මැතිවරණය පෙර නොවූ විරූ තරම් දැඩි තරඟකාරීත්වයක් නිර්මාණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234ම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමට කෝටි 5.7කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.
මෙම ප්‍රාන්ත මැතිවරණය වඩාත් කතාබහට ලක්වී ඇත්තේ දකුණු ඉන්දිය සුපිරි නළු තලපති විජෙයි ඉදිරිපත් වීමයි.
ඔහු විසින් අලුත් පිහිටුවා ගනු ලැබූ ටී.වී.කේ පක්ෂය මේ වනවිට ප්‍රාන්ත මැතිවරණයේ සැලකිය යුතු අවධානයක් ලබාගෙන ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කරයි.

