ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ , ඒවා කල් ඉකුත් වූ පසු ද නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙහි චීන ජාතිකයන් 47 දෙනෙකු , මැලේසියානු ජාතිකයන් 02 නෙකු එක් ඉන්දියානු ජාතිකයෙකු වෙති.
ඔවුන් මීගමුව ප්‍රදේශයේ නිවෙසක රැදී සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු බුද්ධි ඒකකයට ලද තොරතුරු මත, ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගත් විදේශිකයන් පිරිස මේ වනවිට වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා තිබෙන අතර , ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය.

