දික්ඕවිටට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට අධික මත්ද්‍රව්‍ය

0
1

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී ඇතැයි රජය පවසයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමිනි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇති අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක්ද නිලධාරී භාරයට ගනු ලැබීය.

අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගොඩබිමට රැගෙන ආ පසු අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (16) සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගත් අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සමග මෙම සැකකරුවන් 04 දෙනා නිලධාරී භාරයට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here