2026 පළමු ශ්‍රේණියේ 2 සහ 3 වාර සඳහා වන වැඩපොත් බෙදා හැරීම ඇරඹෙයි

0
2

2026 වර්ෂයේ 1 ශ්‍රේණියට අදාළ දෙවන සහ තුන්වන පාසල් වාරයන්හි ක්‍රියාකාරකම් ඇතුළත් වැඩපොත් බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එළැඹෙන අප්‍රේල් 30 වැනිදා වන විට දිවයිනේ සියලුම පාසල් වෙත මෙම පොත් බෙදා හැර අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.

1 ශ්‍රේණිය නව විෂයමාලාව පිළිබඳව ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් දැනටමත් පවත්වා ඇත. අවශ්‍ය අමතර පුහුණු කිරීම් මැයි 16 දිනට පෙර අවසන් කරන ලෙස පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී තිබේ.

යම් හෙයකින් පළමු පාසල් වාරය තුළ විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතී නම්, එළඹෙන දෙවන වාරයේදී එම කොටස් සම්පූර්ණ කිරීමට විදුහල්පතිවරුන් පියවර ගත යුතු බව ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටියි.

මෙම වැඩපිළිවෙළ හරහා 1 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාම රජයේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here