මෙරට සිටි ඉරාන ජාතිකයින් 238 දෙනෙකු විශේෂ ගුවන්යානයකින් රැගෙන යයි.

0
2

ඇමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා , ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු , ඉරාන විශේෂ ගුවන් යානයකින් අද(14) රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

ඉරානයට අයත් මෙරාජ් ගුවන් සේවයේ ( Meraj Air Line ) IRAN – 09 දරන මෙම විශේෂ ගුවන් යානය 04/14 දින පස්වරු 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අසළ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි .

පසුව මෙම ගුවන් යානය වෙත වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 206 දෙනෙකු සහ කොග්ගල රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් 38 දෙනෙකු යොමු කර තිබේ .

ඉන්පසුව මෙම ඉරාන ජාතිකයන් පිරිස රැගත් විශේෂ ගුවන් යානය අද රාත්‍රී 08.35 කටුනායක ගුවන් හමුදා කදවුරෙන් ඉරානයේ අප්‍රකාශිත ගුවන් තොටුපොළක් වෙත ගමන් අරඹා තිබුණි .

(කටුනායක – ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here