උත්සව කෑම වට්ටෝරු සඳහා අයකරණ ලැබූ ගාස්තුව අද සිට ඉහළට

0
6
වර්තමාන ගෝලීය යුධමය වාතාවරණය හමුවේ ආහාර , අමුද්‍රව්‍ය , ගෑස් සහ ඩීසල් මිළ ගනන් ඉහළ ගොස් ඇති පසුබිමක , තම සංගමයද ආහාරපාන සහ සපයන අනෙකුත් පහසුකම් සදහා 15% සිට ඉහලට මිළ ගනන් අද(08) දින සිට වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ ( All Island Banquet Owners and Cateres Association ) සභාපති අකිල ජයරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ රට පුරා තම සංගමයේ සාමාජිකයන් , වත්මන් ආර්ථික දුෂ්කරතා නිසා පීඩාවට පත් වී සිටින අවස්ථාවක ඒ බැව් ප්‍රකාශ කිරීම සදහා අද(08) උදෑසන සීදූව , අම්බලම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල ජයරත්න මහතා , මේ වනවිටත් තම සංගමයේ සාමාජිකයන් විසින් භාර ගෙන ඇති ඇනවුම් සදහා ද 10% ක මිළ වැඩි කිරීමක් සිදු කෙරෙන බව ද පැවසීය.
තම ක්ෂේත්‍රයේ මේ වනවිට ඍජු සහ වක්‍ර රැකියා වල ලක්ෂ 10 ක පමණ පිරිසක් නිරත වී සිටින බවත් , වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයයේ ඔවුන්ගේ රැකියා තවදුරටත් සුරක්ෂිත කිරීම සදහා  මෙම මිළ ගනන් ඉහළ නැංවීම සිදු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් පැවසීය.
මීට අමතරව ඩීසල් ලබා ගැනීමේ දී මතු වී ඇති ගැටළු , වැට් ප්‍රතිශතය 20.50% කින් ඉහළ නැංවීම , රටේ විවිධ ප්‍රදේශ වල හිටිහැටියේ නොදන්වා විදුලි බලය කපා හැරීම සහ පරාටේ නීතිය මේ වසර අග දක්වාවත් තාවකාලිකව අත්හිහිටුවීමට පියවර ගැනීම  ඇතුළු තවත් ගැටළු ගනනාවකින් ද උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පීඩාවට පත් වෙමින් සිටින බව ද මෙහිදී හෙතෙම අනාවරණය කළේය.
මෙම අවස්ථාවට මෙම සංගමයේ උපදේශක සාලිය රවීන්ද්‍ර , හිටපු ලේකම් අංජන ජයකොඩි  සහ උප සභාපති නයන ප්‍රසංග ජීවන්දර යන මහත්වරුන් ඇතුළු තවත් පිරිසක් ද සහභාගී වී සිටියහ.
( කටුනායක ටී.කේ .ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here