අද (07) දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය මෙවර සමරනු ලබන්නේ “සෞඛ්‍යය සඳහා එක්වෙමු – විද්‍යාව සමඟ අත්වැල් බැඳගනිමු” (Together for health. Stand with science) යන තේමාව යටතේය. මිනිසුන්ගේ පමණක් නොව සතුන්, ශාක සහ සමස්ත පරිසරයේම සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක සහයෝගීතාවයේ ඇති වැදගත්කම මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.
මෙම වසර පුරා ක්‍රියාත්මක වන ප්‍රචාරක වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව ක්‍රියා කිරීම සහ ‘ඒකාබද්ධ සෞඛ්‍ය’ (One Health) ප්‍රවේශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.
මෙවර සැමරුමට සමගාමීව ලෝක මට්ටමේ ප්‍රධාන සිදුවීම් දෙකක් අප්‍රේල් මාසයේදී පැවැත්වේ.
-
ජාත්‍යන්තර ‘ඒකාබද්ධ සෞඛ්‍ය’ සමුළුව (අප්‍රේල් 7): ප්‍රංශ රජයේ සභාපතිත්වය යටතේ පැරිස් නුවරදී පැවැත්වේ.
-
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතා මධ්‍යස්ථානවල සමාරම්භක ගෝලීය සංසදය (අප්‍රේල් 7-9): රටවල් 80කට අධික සංඛ්‍යාවකින් විද්‍යාත්මක ආයතන 800ක පමණ නියෝජිතයන් මෙයට සහභාගී වේ.
මෙය එක්සත් ජාතීන්ගේ ආයතනයක් වටා මෙතෙක් රොක් වූ විශාලතම විද්‍යාත්මක ජාලය ලෙස ඉතිහාසයට එක්වේ.
මෙවර වැඩසටහනේ ප්‍රධාන අරමුණු
ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන්ගෙන්, විද්‍යාඥයන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ:
-
සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා විද්‍යාත්මක සාක්ෂි සහ කරුණු මත පදනම් වූ මගපෙන්වීම් අනුගමනය කරන ලෙස.
-
විද්‍යාව සහ පොදුජන සෞඛ්‍යය පිළිබඳ විශ්වාසය යළි ගොඩනැගීමට දායක වන ලෙස.
-
සෞඛ්‍ය සම්පන්න අනාගතයක් වෙනුවෙන් විද්‍යාව මූලික කරගත් විසඳුම්වලට සහය දෙන ලෙස.
පොදු ජනතාවට ද #StandWithScience සහ #WorldHealthDay යන හැෂ් ටැග් (hashtags) ඔස්සේ සමාජ මාධ්‍ය හරහා මෙම ගෝලීය සංවාදයට එක්වන ලෙසත්, විද්‍යාව මගින් තම ජීවිත යහපත් වූ ආකාරය පිළිබඳ අත්දැකීම් බෙදා ගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ආරාධනා කර සිටී.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය (WHO SEARO) සංවිධානය කරනු ලබන ලෝක සෞඛ්‍ය දිනය 2026 සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වීමට නියමිතයි.
ලෝක සෞඛ්‍ය දිනය මෙම මස 07 දිනට යෙදී ඇති අතර ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි WHO SEARO මූලස්ථානයේ (07) දින සැමරුම් උළෙල පැවැත්වේ.
“සෞඛ්‍ය සඳහා එක්වෙමු. විද්‍යාව සමඟ නැගී සිටිමු” (Together for health. Stand with science) යන තේමාව යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක සෞඛ්‍ය දිනය – 2026 සැමරීමට යොදා තිබේ.
මෙවර සැමරුමේ මූලික අරමුණ වන්නේ මානව සෞඛ්‍යය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයාගැනීම් සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීම වන අතර මෙහිදී මිනිසුන්ගේ පමණක් නොව සතුන්, ශාක සහ සමස්ත පද්ධතියේම සෞඛ්‍යය එකිනෙකට බැඳී පවතින බව පවසන “ඒකීය සෞඛ්‍ය” (One Health) ප්‍රවේශය කෙරෙහි ලෝකයේම අවධානය යොමු කර ඇත.
කලාපයේ බිලියන දෙකකට ආසන්න ජනතාවකගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ තාක්ෂණික සහය ලබා දීම මෙහි මෙහෙවර වේ.

