චීන ජාතිකයන් 125 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ.

0
11
නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද (30) දින අලුයම චීනය වෙත පිටුවහල් කර තිබේ.
මොවුන් අතරින් 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් වේ.
මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, අනුරාධපුරය ප්‍රදේශයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා වල නිරත වී සිටියදී ඉකුත් 03/17 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
පසුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ නියෝග මත ඔවුන් මෙරටින් පිටුවහල් කරන තෙක් වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටියහ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඔස්සේ එරටට මේ පිළිබද දැනුවත් කිරීමෙන් පසුව, මෙම පිරිස රැගෙන යාම සදහා විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
එම ගුවන් යානයෙන් එරට වෛද්‍යවරුන් පිරිසක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
අලුයම 12.00 මෙම චීන ජාතිකයන් පිරිස සමග චීන වෛද්‍යවරුන්, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 06 දෙනෙකු ද රැගෙන මෙම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත්, විශේෂ ගුවන් යානය චීනයේ වූහාන් ( Wuhan ) නුවර බලා පිටත්ව ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here