බංග්ලාදේශයේ මගී බස් රථයක් ගඟකට පෙරලීමෙන් 23 දෙනෙකු මරුට.

0
6

බදාදා බංග්ලාදේශයේ රාජ්බාරි දිස්ත්‍රික්කයේ පද්මා ගඟට මගී බස් රථයක් වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ.

එරට නිලධාරීන් පැවසුවේ දිවි ගලවා ගත් අය සහ තවමත් අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බවයි..

අන්තර්ජාලය හරහා බෙදාගත් වීඩියෝවක බස් රථයක් ගංගා ඉවුරෙන් පෙරළී ගඟට වැටෙන ආකාරය දැක්වේ. මගීන් කිහිප දෙනෙකු පිහිනීමට සමත් වී දිවි බේරා ගෙන ඇත.

බස් රථය තොටුපළක ස්ථානගත කර තිබියදී ඊයේ පස්වරුවේ පද්මා ගඟට වැටී ඇති බව වාර්තා වේ. මූලික වාර්තාවලින් පෙනී යන්නේ වාහනයේ මගීන් 40 ක් පමණ සිටි බවයි. නමුත් සාක්ෂිකරුවන් පවසන්නේ එම සංඛ්‍යාව 50 ඉක්මවා ඇති බවයි. මන්ද අමතර මගීන් මාර්ගයේදී ගොඩ වූ බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here