සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට සූදානම්

0
1

හෙට (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

ඒ පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරනතෙක් බව රජය පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඔහු සඳහන් කළේ, නිවාඩු දිනය තෝරා ගැනීමේදී විකල්ප කිහිපයක් සලකා බැලූ බවය. සිකුරාදා සිට ඉරිදා දක්වා දින තුනක් නිවාඩු ලබා දීමෙන් රජයේ කාර්යාල කටයුතු සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට බාධා ඇති විය හැකි බව සලකා, එම විකල්පය ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසීය.

ඒ වෙනුවට බදාදා දිනය නිවාඩු ලෙස නම් කිරීමෙන්, සඳුදා හා අඟහරුවාදා දිනවලත්, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලත් රජයේ කාර්යාල ක්‍රියාත්මක වීමට හැකි වන අතර, මහජන සේවාවන් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමකින් තොරව පවත්වාගෙන යා හැකි බවද ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here