දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට සෑම බදාදා දිනයක්ම රාජ්‍ය ආයතන සඳහා නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුගත වන ලෙස දැනුම් දෙයි.
ඒ රටේ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය සුරැකීම සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සෑම බදාදා දිනයක්ම රාජ්‍ය ආයතන සඳහා නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුගත වෙමින් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් නාලක කලුවැව මහතා පවසයි.


