ඉන්ධන අර්බුදය නිසා රජයේ සේවකයින්ට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු දීමේ තීරණයක්

0
5

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම අනෙකුත් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.

මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමටද තීරණය කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී තිබේ.

ඉන්ධන හිඟයක් රට තුළ නොමැති නමුත් QR ක්‍රමවේදයේ යම් ගැටළු තත්ත්වයක් පවතින බැවින් එය ඉතාමත් ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව ඒ මහතා පවසයි.

එසේම රජයේ සේවකයින්ට අමතරව, බදාදා දිනවල සියලුම රජයේ පාසල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

පෞද්ගලික ආයතන ද එය අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියේය. සියලුම රජයේ උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ වන විට රට තුළ මාසේකට සරිලන ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් තවත් ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණෙන බව තහවුරු කර ඇති බවත් ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here