ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවර විසින් සංවිධානය කරන ලද විශේෂ රමලාන් ඉෆ්තාර් උත්සවය

0
6

ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවර විසින් සංවිධානය කරන ලද විශේෂ රමලාන් ඉෆ්තාර් උත්සවය ඊයේ (15) දින කොළඹ මෙරෙය්න් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේදී පැවැත්වුණි.

ඒ ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවරේ ජාතික සභාපති ආචාර්ය අල්-හාජ් අමීර්ඛාන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

පුජ්‍ය ආචාර්ය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක ස්වාමීන්වහන්සේ, ආචාර්ය සිව ශ්‍රී රාමචන්ද්‍ර කුරුක්කල් බාබුශර්මා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි සහ ආචාර්ය ගරු තිලකසූරිය ජයවර්ධන පියතුමා ඇතුලු සර්ව ආගමික නායකයින් මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වුහ.

එහිදී ඔවුහු “ලෝකයේ සාමය උදාවේවා” යන තේමාවෙන් විශේෂ දේශනාවන් පැවැත්වූහ.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙවරේ නියෝජිතයින් සහ පුවත්පත් කතෘ වරුන්, මාධ්‍යවේදීන්, දේශපාලන නියෝජිතයන් සහ බුද්ධිමතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here