නීති විරෝධී ලෙස රැගෙන ආ කෝටි එකහමාරකට අධික කුෂ් මත්ද්‍රව්‍ය ,කොලැජන්, විටමින් සී පෙති සමඟ මගීන් දෙදෙනෙකු අඩංගුවට

0
10

රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, සම පැහැපත් කිරිමට යොදා ගන්නා කොලැජන් ( Pink Gluta Collagen ) සහ ” විටමින් සී ” පෙති තොගයක්ද නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ” හරිත මාවත ” (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ත් අඩංගුවට ගෙන තිබේ.

(16) දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පිරිසක් විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – 08 , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකු සහ මරදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොවුන් අද (16) අලුයම 12.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 632 ක් සහ ” කොලැජන් ” පැකැට් 2,160 ක් මෙන්ම ” විටමින් සී ” පෙති 6,390 ක් ද සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ” කොලැජන් ” සහ ” විටමින් සී ” පෙති , මෙරටට ආනයනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරය තිබිය යුතුය.

මෙසේ රැගෙන ආ ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ “කොලැජන් ” සහ ” විටමින් සී ” තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.

( කටුනායක ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here