ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නෞකා විනාශ කිරීම ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.

0
8

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය නාවික හමුදාවෙන් තමන් ප්‍රශ්න කළ බවත් “එය වඩාත් විනෝදජනක බව ජෙනරාල්වරයෙක් පැවසු ” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) බදාදා ප්‍රකාශ කළේය.

උතුරු කෙන්ටකි දිස්ත්‍රික්කයේ ‘Verst Logistics’ ආයතනයේ පැවැති ප්‍රචාරක රැලියකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී ට්‍රම්ප් පැවසුවේ දින දෙකක් ඇතුළත ඉරාන නෞකා 54ක් විනාශ කිරීමට ඇමරිකානු හමුදා කටයුතු කර ඇති බවයි.

“ඇයි අපි ඒවා විනාශ කළේ? ඒ නෞකා අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න තිබුණා නේද?” යනුවෙන් ජනාධිපති නිලධාරීන්ගෙන් විමසූ බව ඔහු පැවසීය.

එවිට එම හමුදා නිලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ එම නෞකා ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි. එසේම, එක් ජෙනරාල්වරයෙකු තමන්ට පැවසුවේ නෞකා අත්අඩංගුවට ගැනීමට වඩා ඒවා විනාශ කිරීම “වඩාත් විනෝදජනක” (more fun) බව යැයි ට්‍රම්ප් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here