ඉරාන ‘IRIS Dena’ නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ.

0
5

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ඉරාන ‘IRIS Dena’ නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙහිදී අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ශ්‍රී ලංකාවට නිරත දෙසින් වූ ගැඹුරු මුහුදේදී අමෙරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් මුහුදුබත් වුණි.

එය 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ ඉන්දියාවේ විශාකා පට්නම්හි පැවති ජාත්‍යන්තර නාවික හමුදා යාත්‍රා පෙළ ඇගයීමේ යුද අභ්‍යාස මෙහෙයුම සඳහා සහභාගී වී සිට නැවතත් ඉරානය බලා යමින් සිටින අතරතුර අනතුරට ලක්ව තිබුණි.

අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් අදාළ නෞකාවට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here