Home TOP මැදපෙරදිග යුධමය තත්ත්වයේ නවතම තොරතුරු

- ඉරානය, ඇමරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු 550 කට අධික පිරිසක් ඝාතනය කිරීමෙන් පසුව ගල්ෆ් ප්‍රදේශයේ ඇමරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යයි.
- ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි, වොෂින්ටනය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා නව තල්ලුවක් ලබා දුන් බවට ඇමරිකානු මාධ්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබේ.
- හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය “ටෙහෙරානයේ හදවතට” පහර දෙන බවත් ලෙබනනයට ප්‍රහාර දියත් කරන බවත් පවසයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් 30 කට වැඩි පිරිසක් මිය ගිය බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
- කුවේටයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ එක්සත් ජනපද යුධ ගුවන් යානා “කිහිපයක්” රට තුළට කඩා වැටී ඇති බවත්, සියලුම කාර්ය මණ්ඩලය දිවි ගලවා ගත් බවත්ය.
- සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් ඉරානයට එරෙහි ප්‍රහාර දිගටම පවතින බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති අතර, එක්සත් ජනපද සොල්දාදුවන් තිදෙනෙකුගේ මරණයට පළිගැනීමට පොරොන්දු වී තිබේ.
- ඉරාකයේ බැග්ඩෑග් හී ජුර්ඨ් අල් – සකර් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
- ඉරාන අගනුවර වන ටෙහෙරාන් සහ කරජ් නගරයන් හී නැවත පිපිරීම් කිහිපයක් සිදුව තිබේ. ඉරාන රජයට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ එම නගර ආශ්‍රිතව පිපිරීම් සිදුව ඇති බවය.
- බේරූට් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කළ පහරදුන් බවත් ලෙබනනයේ ලෙබනන් සන්නද්ධ කණ්ඩායම් සඳහාත් ඉලක්ක කළ බවය.
- දකුණු ලෙබනනයේ නගර තුනකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබේ. හරිස්, නබතිහ්, අල්-ෆව්කා යන නගර තුන සඳහා මෙලෙස ප්‍රහාර එල්ල වී ඇතැයි සඳහන්.
- ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය පිරිස 180 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස සියලු දෙනාම අදාල පාසලේ සිසුවියන් බවත් සඳහන් වේ.
- ටෙහෙරානයේ නිලුෆර් චතුරශ්‍රයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
- බහරේනයේ සල්මාන් කාර්මික කලාපයේ විදෙස් නෞකාවකට මිසයිල සුන්බුන් වැටීම හේතුවෙන් ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇතැයි බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.