මැදින් පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇති අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වේ.
බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමර පැවිදි කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වේ.

