ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ශිව කෝවිලේ ප්‍රධාන පූජකවරයා දිවයිනට.

0
1

ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් පස්දින නිල සංචාරයක් සදහා අද (23) උදෑසන දිවයිනට පැමිණියේය.

උන් වහන්සේ තවත් ගිහි – පැවිදි 14 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ.

ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රකට ශිව කෝවිල් වන මන්නාරම තිරුකේශ්වරම් , යාපනය නගුලේශ්වරම් , ත්‍රිකුණාමලය කෝනේශ්වරම් සහ නුවරඑළිය ශීතා අම්මාන් කෝවිල සහ පොළොන්නරුව ඉපැරැණි නටඹුන් සහිත ශිව කෝවිල් වෙත ද චාරිකාවේ නිරත වීමට නියමිතය .

මෙම පිරිස අද උදෑසන 09.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු තවත් උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” ගෝල්ඩ් රූට් ” විශේෂ මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ.

මේ වනවිට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට ඉන්දියාව වන අතර, ඉන්දියාවේ වැසියන් ආගමික වශයෙන් ශිව දෙවි වන්දනාවට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර , මෙම සංචාරය තුළින් තවදුරටත් ඉන්දියානු ශිව ආගමික බැතිමතුන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කිරීමට සැළසුම් කර තිබේ.

(ටී.කේ.ජී.කපිල – කටුනායක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here